Thursday, April 17, 2025

General line - 0115112241

හික්කඩුවේදී දිය වැලකට හසුවූ විදෙස් ජාතිකයන් සිව්දෙනෙකු බේරා ගැනේ



හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශීය ජාතිකයන් සිව්දෙනෙකුගේ දිවි බේරා ගැනීමට එම වෙරළ තීරයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් සමත්ව තිබෙනවා. 

එලෙස බේරාගෙන ඇත්තේ රුසියානු ජාතිකයන් සිව්දෙනෙක්. වයස අවුරුදු 07 ක් හා 13 ක් වන දැරියන් දෙදෙනෙක්, කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් එලෙස බේරාගෙන තිබෙනවා. 

හික්කඩුව පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් එම විදේශීය ජාතිකයින් පිරිසගේ දිවි බේරාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පැවසුවේ.