Thursday, April 17, 2025

General line - 0115112241

මහියංගනයේ පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට



මහියංගනය, වදකහදෝව ප්‍රදේශයේ හේන් යායකදී පුද්ගලයෙකු වෙඩි වැදී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පසුගිය දෙවනදා මෙම සිද්ධියේ මරණකරු තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ බිම්මල් කැඩීමට ගොස් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබුණා. 

අදාල පුද්ගලයා සමඟ බිම්මල් කැඩීමට ගිය එක් පුද්ගලයෙකු සතුව තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මෙම මරණය සිදුව ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. 

මෙම සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. 

ඒ අනුව මියගිය පුද්ගලයා සමග බිම්මල් කැඩීමට ගිය අනෙක් සැකකරුවන් තිදෙනා මහියංගනය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.