Wednesday, March 12, 2025

General line - 0115112241

නව මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු දිවුරුම් දෙයි



නව මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භක අවස්ථාවේදී දිවුරුම් දුන්නා. 

ඒ, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ඉදිරියේදීයි. 

ඒ අනුව, නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කළ ෆයිසර් මුස්තාෆා මහතා පළමුව දිවුරුම් දෙනු ලැබුවා. 

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කළ සුජීව සේනසිංහ, මොහොමදු ස්මයිල් මුත්තු මොහොමඩ් සහ මනෝ ගනේශන් යන මහත්වරුන් දිවුරුම් දුන්නේ ඉන් අනතුරුවයි. 

සමගි ජන බලවේගයෙන් ජාතික ලැයිස්තුවට නම් කළ නිශාම් කාරියප්පර් මහතා අද දිනයේ දිවුරුමු දුන්නේ නැහැ.