Wednesday, March 12, 2025

General line - 0115112241

යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මී උණ රෝගීන් සංඛ්‍යාව ඉහළට

මාධව කුලසූරිය



යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මී උණ රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. 

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. කේදීශ්වරන් මහතා පැවසුවේ පසුගිය කාලසීමාව තුළ මී උණ රෝගීන් 87 දෙනෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි. 

ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයෙන්. පේදුරුතුඩුව රෝහල තුළ මේ වන විට නේවාසිකව රෝගීන් 21 දෙනෙකු සහ යාපනය රෝහල තුළ නේවාසිකව රෝගීන් 11 දෙනෙකුද ප්‍රතිකාර ලබන බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවා.

ගතවු පැය විසිහතරක කාලය තුළදි යාපනය පේදුරුතුඩුව රෝහල වෙත රෝගීන් 09 දෙනෙකු සහ යාපනය රෝහල වෙත රෝගීන් 04 දෙනෙකු ඇතුළත් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

යාපනය ප්‍රදේශයේ පුද්ගලයන් 08 දෙනෙකු මී උණ රෝගයෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.