Thursday, April 17, 2025

General line - 0115112241

ගිනි අවි තුනක් සමඟ තිදෙනෙකු පුලියන්කුලමේදී අත්අඩංගුවට



පුලියන්කුලම, වෙඩිචෛත්‍යකල්ලු ප්‍රදේශයේදී ගිනි අවි තුනක් සන්තකව සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පුලියන්කුලම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදීයි.

 මෙරට නිෂ්පාදිත ගිනිඅවි තුනක් එලෙස සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.