Wednesday, March 12, 2025

General line - 0115112241

දෙමටගොඩ රුවන්ගේ වාහන තුනක් මුදාහරින ලෙස කළ ඉල්ලීමක් අධිකරණ ප්‍රතික්ෂේප කරයි

උදය කුමාර



නීති විරෝධී ලෙස රුපියල් කෝටි ගණනාවක් වටිනා දේපළ උපයා ගත්තේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවකට අදාළව මහාධිකරණය මගින් රඳවා ගෙන සිටින වාහන තුනක් මුදා හරින ලෙස ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. 

ඒ, එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුවයි. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

අයථා ලෙස උපයා ගත් මුදල්වලින් කෝටි ගණනක් වටිනා අදාල වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩු පවරා තිබෙනවා.