Wednesday, April 16, 2025

General line - 0115112241

රුසියානු හමුදාවේ ජෙනරාල්වරයෙකු යුක්‍රේන ප්‍රහාරයකින් මරුට



රුසියානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයෙකු තමන් විසින් ඝාතනය කළ බව යුක්‍රේනය පවසනවා. 

එම හමුදා නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විදුලි ස්කූටරයක සවිකර තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් බවටයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 

එලෙස මියගොස් ඇත්තේ ලුතිනන් ජෙනරාල් ඉගෝව් කිරිලොව් නැමති රුසියානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. 

ඔහු රුසියානු හමුදාවේ න්‍යෂ්ටික ආරක්ෂක අංශ භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස රාජකාරි කර ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.