Thursday, April 17, 2025

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් රටට නොසිතූ සහනයක්



විදේශීය ආයෝජකයන් වත්මන් ආණ්ඩුව පිළිබඳ තබා ඇති විශ්වාසය හේතුවෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ වේගවත් වී ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා. 

නව රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

පසුගිය රජය සමයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවලදී ආයෝජකයින් එකඟ නොවූ ඇතැම් කරුණුවලට ද මේ වන විට එකඟතාව පළ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේ.