Tuesday, March 11, 2025

General line - 0115112241

ලංකාවේ ගොවිපළ ඉන්දියාවේ අමුල්ට දීම නතර වෙයි



මෙරට ගොවි බිම් ඉන්දියාවේ අමුල් ඇතුළු සමාගම් වෙත ලබා දීමේ තීරණය අත්හිටුවා ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. 

මෙරට ගොවි බිම් සංවර්ධනය කිරීම සඳහා දේශීය ආයෝජකයින් සම්බන්ධ කර ගන්නා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

මේ අතර ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න ඇසීම සහ අතුරු ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. 

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, අමාත්‍ය බිමල් රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර ඔහු සිය අධ්‍යාපන සහතිකද එහිදී ඉදිරිපත් කළා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියා. ජනාධිපතිවරයා ඉන්දියාවේ තෙදින නිල සංචාරය නිම කර මෙරටට පැමිණියේ ඊයේ රාත්‍රියේයි.