Thursday, April 10, 2025

General line - 0115112241

පනාගොඩ රණවිරු ගම්මානයේ නිවසකට වෙඩි ප්‍රහාරයක්



පනාගොඩ, රණවිරු ගම්මානයේ පිහිටි නිවසක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. 

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලයක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.  

වෙඩි තැබීමට ඉලක්ක වූ නිවසේ හිමිකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බවයි පොලීසිය පවසන්නේ. 

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මීගොඩ පොලීසිය මගින් ක්‍රියාත්මකයි.