Tuesday, March 11, 2025

General line - 0115112241

නීති විභාගය නිසා නාමල්, මන්ත්‍රී ධුරය ඔට්ටුවට තියයි



ආචාර්ය පදවි, වෛද්‍ය, ඉංජිනේරු පදවි පිළිබඳ කතාබහ සමග ඉකුත් දිනවල උණුසුම් වූ පාර්ලිමේන්තුව අදත් උණුසුම් වුණා.

ඒ, නීතිඥ සහ අධි නීතිඥ පදවි හේතුවෙන්. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ස මහතා සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා හා නලින් බණ්ඩාර, අමාත්‍ය වසන්ත සමරසිංහ හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අතර ඇති වූයේ මෙවන් සංවාදයක්.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සිය අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමද කැපී පෙනෙන සිද්ධියක් වුණා.