Tuesday, March 11, 2025

General line - 0115112241

අධිවේගයේ අනතුරු වලින් පුද්ගල මරණ 16ක්



වසරේ මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගල මරණ 16ක් වාර්තා වන බව පොලීසිය පවසනවා. 

බරපතල තුවාල සිදු වීමේ සිද්ධි 05ක්ද වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ. 

දක්ෂිණ, කොළඹ - කටුනායක සහ පිටත වටරවුම් යන අධිවේගී මාර්ගවල මෙම අනතුර සිදුව ඇති බවයි ඔහු කියා සිටියේ.  

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා මධ්‍යස්ථානය ආසන්නයේදී කොළඹ දෙසට ගමන් කරන මංතීරුවක, ගාල්ල දෙසට මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ගාල්ලේ සිට කොළඹ දක්වා මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අයෙක් බවයි පැවසෙන්නේ. 

වැලිපැන්න සේවා මධ්‍යස්ථායේදී සිය රියදුරා වැසිකිළියට ගිය පසු මෙම පුද්ගලයා මෝටර් රථය රැගෙන මෙලෙස වැරදි මංතීරුවේ ධාවනය කර තිබෙනවා.