Tuesday, March 11, 2025

General line - 0115112241

ගාල්ල බන්ධනාගාරයතුලදී රැදවියන් සිව් දෙනෙකුට පහරදීමක් 

චන්දන රොද්‍රිගු



අත්අඩංගුවට ගෙන ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටි  පුද්ගලයින් සිව් දෙනාට ගාල්ල බන්ධනාගාරයතුලදී රැදවියන් කිහිපදෙනකු විසින් තියුණු ආයුධ වලින් කපා තුවාල සිදුකර තිබෙනවා.

පසුගිය දිනක මීටියාගොඩ පොලිස් වසමේ පුද්ගලයකුට හා කාන්තාවකට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරිමට සම්බන්ධයෙන්  මෙම පුද්ගලයින් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබුනේ.

මෙම රැදවියන්ගෙන් දෙදෙනෙකුගේ ගෙල ප්‍රදේශයට හා පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර ඔවුන් මේවන විට බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ගාල්ල බන්ධනාගාරයට එස් ටීඑෆ් අතුළු විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.