Tuesday, March 11, 2025

General line - 0115112241

චිඩෝ සුළි කුණාටුවෙන් අප්‍රිකාවේ පුද්ගලයන් 73ක් මරුට



චිඩෝ සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර අප්‍රිකාවේ මොසැම්බික් ජනරජයේ පුද්ගලයන් 73ක් මිය ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පවසන්නේ සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහල යා හැකි බවයි. 

එමෙන්ම මේ වන විට පුද්ගලයින් 543 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වන බවයි එරට  ජාතික අවදානම් සහ ආපදා කළමනාකරණ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. 

එම ආයතනය පවසන්නේ පැයට කිලෝමීටර් 260ක පමණ වේගයෙන් සුළං සහ පැය 24 තුළ මිලිමීටර් 250 ක් පමණ තද වර්ෂාපතනයක් ඇති වූ බවයි. 

ඒ අනුව එරට රජය විසින් හදිසි නවාතැන් මධ්‍යස්ථාන 02ක් පිහිටුවා තිබෙනවා. 

එමෙන්ම සුලිකුණාටුව හේතුවෙන් පුද්ගලයන් මිලියන 2.5 ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.