Tuesday, March 11, 2025

General line - 0115112241

ගිනි අවි තුනක් සන්තකව සිටි පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට



මොරවැව, මහදිවුල්වැව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මොරවැව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. 

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මහදිවුල්වැව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. 

තවත් පුද්ගලයෙකු මංගලගම, මංගලඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ගිනි අවියක් සන්තකව සිටි අනෙක් පුද්ගලයා පලෙයි, කිලාලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.