Tuesday, March 11, 2025

General line - 0115112241

කෝටි 05ක් වටිනා ජංගම දුරකතන තොගයක් රැගෙන ආ ගුවන් මගීන් තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල



ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරුවන් විසින් ජංගම දුරකථන 309ක්, ටැබ් පරිගණක 08ක්, ජංගම දුරකථන උපාංග, ලැප්ටොප් 12ක්, මැක් බුක් 02ක්, අයි පෑඩ් 04ක්, ස්මාර්ට් වර්ගයේ ඔරලෝසු 20ක්, රවුටර් 05ක්, ඉයර් බඩ්ස් 30ක් රැගෙන විත් තිබූ බවයි රේගු නිලධාරීන් පැවසුවේ. 

ඒවායේ වටිනාකම රුපියල් කෝටි පහක් පමණ වනවා. ඩුබායි සිට පැමිණි එම සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි රේගු නිලධාරීන් පැවසුවේ.