Thursday, April 10, 2025

General line - 0115112241

පොහොට්ටුවේ ජාතික කැඳවුම්කරු ධුරය ඩී වී චානකට



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා පත් කර තිබෙනවා. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති රැස්වීමකදී මන්ත්‍රීවරයා එම තනතුරට තෝරා පත් කරගත් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ. 

පසුගිය මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පත්වූ එකම මන්ත්‍රීවරයා වන්නේද ඩී වී චානක මහතායි. 

එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට පෙර කටයුතු කළා. 

ඔහු නව ග්‍රාමීය නායකයින්  සහ කොට්ඨාස නායකයින් පත් කිරීමේ සංවිධාන කටයුතු භාර දී තිබෙනවා.