Tuesday, March 11, 2025

General line - 0115112241

ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

රවින්ද්‍ර චන්ද්‍රලාල්



ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ෂන ආරම්භ කර තිබෙනවා. 

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යුවළක් ඉලක්ක කර ගනිමින් තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රියේ වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. 

එහිදී තුවාල ලැබූ වංචාවල, මැලෑගොඩ බරණසූරිය පටබැදිගේ පැතුම් හෙවත් සදමිණි ලොක්කා නමැත්තා ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිද කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර සැකකරුවන් ගාල්ල දෙසට පලාගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.