Monday, March 10, 2025

General line - 0115112241

කසුන් මහේන්ද්‍රව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය කතා කරයි



අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනි මහතාගේ දියණියගේ සැමියා වන ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පවතින නීති උල්ලංඝනය කරමින් සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා. 


කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් අතුරුගිරිය පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. 

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන්ට සාධාරණය ඉටු කරන ලෙසයි.