Thursday, April 10, 2025

General line - 0115112241

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්



සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 63 ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ, 2022 දෙසැම්බර් මස 12 වන දින විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින්. 

ඒ අනුව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ, වෛද්‍ය පරිපාලන ශ්‍රේණිවල සියලුම නිලධාරීන්ගේ, විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ගේ සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 ක් විය යුතු බවයි. 

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයේ විධිවිධාන 2023 වසරේ ජනවාරි මස 01 වන දින සිට බලාත්මක විය යුතු බව ද එහි සඳහන් වනවා.