Monday, March 10, 2025

General line - 0115112241

බ්‍රසීලයේදී ගුවන් යානයක් කඩා වැටෙයි - 10 ක් මරුට - තවත් 17 කට තුවාල



දකුණු - බ්‍රසීලයේ, ග්‍රැමාඩෝ නගරයට ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ගුවන් අනතුරෙන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කුඩා ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව තිබෙනවා. 

එම ගුවන් යානය ගුවන් ගතවී මද වේලාවකට පසු ග්‍රැමාඩෝ නගරයේ වෙළඳසැලකට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මියගිය 10 දෙනාම එකම පවුලේ සාමාජිකයන් වනවා. 

ගුවන් යානය කඩා වැටී ඇති වූ ගින්නත් සමඟ හටගත් දුමාරය ආග්‍රාහණය වීමෙන් පිරිසක් රෝහල් ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.