Sunday, March 9, 2025

General line - 0115112241

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් රිමාන්ඩ්

මහේෂ් කීර්තිරත්න



රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ජයන්ත පුෂ්පකුමාර මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

බලපත්‍ර අංක තහඩු  නොමැතිව ත්‍රිරෝද රථ කොටස් අලෙවි  කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්තොට, ඇහැලගස්තැන්න ප්‍රදේශයේදී පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඒ, මාතලේ  කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයකට ලැබුණු පැමිණිල්ලක් මතයි. සැකකාර හිටපු සභාපතිවරයා මාතලේ මහේස්ත්‍රාත් ආර්.පි.කේ.එන් රන්කොත්ගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.