Sunday, March 9, 2025

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් සිව්දෙනෙකු ගිරාඳුරුකෝට්ටේදී අත්අඩංගුවට



ගිරාඳුරුකෝට්ටේ, අඟලඔය ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.                

ඒ, ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. 

ඔවුන් විසින් කැණීම් සඳහා යොදාගත් උපකරණ ද සිය භාරයට ගත් බවයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පැවසුවේ.