Friday, March 7, 2025

General line - 0115112241

සාමය සතුට පතමින් අසිරිමත් නත්තල උදාවෙයි



ලොවට සාමයේ පණිවිඩය රැගෙන ආ අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියේ උදා වුණා. 

ශ්‍රී ලාංකිකයින් මෙන්ම ලොව පුරා කිතුනුවන් දේවස්ථානවලට එක්වුණේ සාමයේ පණිවිඩය රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීමටයි. 

මෙරට ප්‍රධාන දේවස්ථානවල මෙන්ම සෑම දේවස්ථානයක්ම කේන්ද්‍ර කර ගනිමින් ඊයේ රාත්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණා. 

ඒ, නත්තලේ උදාව පිළිගැනීමට එක්වූ දහස් සංඛ්‍යාත කිතුනු බැතිමතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්. 

ප්‍රධාන දේව මෙහෙය ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ ජා ඇල වික්ෂෝප දේව මාතා දෙව්මැදුරේදීයි. 

ඒ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. කාදිනල් හිමියන් විසින් එහිදී නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය මෙහෙය සිදු කළා. 

නත්තලේ සැබෑ පණිවිඩය පිළිබදව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙලෙස පැහැදිලි කළා.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පවසන්නේ නත්තලේ සැබෑ අරුත සෑම පුද්ගලයෙකුම නිවැරදිව වටහාගත යුතු බවයි. 

නත්තල උදාවත් සමග සෑම දේවස්ථානයකම පාහේ මධ්‍යම රාත්‍රි නත්තල් දේව මෙහෙයන් පැවැත්වුණා.