Friday, March 7, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා දුම්රිය සේවයට අදට වසර 160යි



ශ්‍රී ලංකා දුම්රිය සේවයට අදට වසර 160ක් සපිරෙනවා. 

1864 දෙසැම්බර් මස 27 වනදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා මෙරට පළමු දුම්රිය ගමන සිදුව තිබෙනවා. 

දුම්රිය සේවයේ 160වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් කිහිපයක් සැලසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.