මෙම දිනවල දරුවන් පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන්නැයි වෛද්‍යවරුන් මව්පියන්ගෙන් ඉල්ලිමක් කරනවා.
විශේෂයෙන් ගිනිකෙලි භාවිතා කිරීමේදී මෙන්ම විනෝද චාරිකාවල නිරතවීමේදී ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ.
ඒ අනුව අනතුරු අවම කර ගැනීම සඳහා ඉදිරි දින දෙක තුළ මව්පියන් වැඩි අවදානයක් යොමු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවා.