Friday, April 25, 2025

General line - 0115112241

රුපියල් කෝටියක විදෙස් දුම්වැටි සහ මැත්පැන් තොගයක් සමඟ කටුනායකදී සැකකරුවෙකු අත්අඩංගුවට



රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය දුම්වැටි සහ විදෙස් මත්පැන් තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද අලු‍යම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ - 14, වේල්ස් කුමාර වීදියේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්. 

සැකකරු අද අලු‍යම 03.50 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු‍ 05 ක් තුළ තිබී විදේශීය දුම්වැටි තොගයක් සහ විදේශීය මත්පැන් බෝතල් 125 ක් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එම විදේශීය දුම්වැටි සහ මත්පැන් බෝතල් තොගය සහ අදාල සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.