Sunday, April 20, 2025

General line - 0115112241

කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරයා ලෙස මතීෂ පතිරණ පත් කෙරේ



මෙරට පුද්ගලික අංශයේ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණ පත්කර තිබෙනවා. 

මෙරට ඩෙබිඩ් කාඩ් සංචිතයක් වන කොම්බෑන්ක් ඩෙබිඩ් කාඩ්පත් මතීෂ පතිරණ විසින් නියෝජනය කරනු ඇතියි.
 

කොමර්ෂල් බැංකුව විසින් වීසා, මාස්ටර්කාඩ්, යූනියන් පේ සහ ලංකා පේ යන ඩෙබිට් කාඩ්පත් නිකුත් කරන අතර සියලුම කොම්බෑන්ක් කාඩ්පත් ජාත්‍යන්තරව ද වලංගු කාඩ්පත් වනවා. 

කොමර්ෂල් බැංකුවේ ඩෙබිඩ් කාඩ්පත් සේවාව සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වල සිට තරුණ, වනිතා සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු විවිධ අංශ සඳහා විශේෂිත තැන්පතු ගිණුම් දක්වා වූ විවිධ ඉතුරුම් හා ජංගම ගිණුම් සඳහා නිකුත් කරනු ලබනවා.