කම්කරු සහ විදේශ කටයුතු හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ, විදේශ රැකියා ලබා දීමේදී සිදුවී ඇතැයි පැවසෙන මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන්.
ඒ අනුව හිටපු අමාත්‍යවරයාගෙන් ඉදිරි දින කිහිපය තුළදී ප්‍රකාශක් ලබා ගැනීමට නියමිත බවයි පොලිසියේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකවරයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.
ෆීන්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර ද පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.