ඉන්දීය රාජ්‍ය බැංකුව ඉකුත් සිකුරාදා නිකුත් කළ වාර්තාවකට අනුව 2011-12 කාලසීමාව තුළ සියයට 25.7 ව පැවැති ඉන්දියාවේ ග්‍රාමීය දරිද්‍රතා අනුපාතය 2023-24 මූල්‍ය වර්ෂයේදී සියයට 4.86 දක්වා සැලකිය යුතු ලෙස පහළ වැටී තිබේ.
මෙම කාල සීමාව තුළ ඉන්දියාවේ නාගරික දරිද්‍රතාවය සියයට 4.6 සිට සියයට 4.09 දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
"සමස්ත මට්ටමින්, විශ්වාස කරන්නේ ඉන්දියාවේ දරිද්‍රතා අනුපාත දැන් සියයට 4 සිට සියයට 4.5 දක්වා පරාසයක පැවතිය හැකි අතර අන්ත දරිද්‍රතාවයේ අවම පැවැත්මක් තිබිය හැකි බව" වාර්තාව පවසයි.
"ග්‍රාමීය දරිද්‍රතා අනුපාතයේ තියුනු ලෙස පහත වැටීමට හේතු වී ඇත්තේ සැලකිය යුතු රාජ්‍ය අනුග්‍රහයක් ඇතිව අඩුම සියයට 0-5 දශම අතර පරිභෝජන වර්ධනය ඉහළ යාම නිසා වන අතර ආහාර මිල වෙනස් වීම ආහාර කෙරෙහි පමණක් නොව
සමස්ත වියදම් සඳහාම සැලකිය යුතු බලපෑමක් ඇති කරන පෙනී යයි'' යනුවෙන් එම වාර්තාව සඳහන් කරයි.
වැඩි දියුණු කරන ලද භෞතික යටිතල පහසුකම් ග්‍රාමීය ජන සමාජයේ ජීවන තත්ත්වය උසස්වීමට ඍජුව බලපා ඇත.