Monday, March 31, 2025

General line - 0115112241

නැවත කමිටු ඕනේ නැහැ - ඉතිරි වැටුප් කොටස දෙන්න ආණ්ඩුවට ජොශප් කියයි

රංජිත් රාජපක්ෂ



ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරිමට නැවත කමිටු පත් කිරිමේ අවශ්‍යතාවක් නොමැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ සුබෝධනී කමිටුව නිර්දේශ කළ ගුරු විදුහල්පති වැටුපේ ඉතිරි තුනෙන් දෙකක කොටස ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි.

හැටන් නගරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 


රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩි වීම සාධාරණ ඉල්ලීමක් බවද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා මෙහිදී සඳහන් කළා.