Sunday, May 11, 2025

General line - 0115112241

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට



දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීම, රට තුළ කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ කිරීම යන චෝදනා මතයි. 

එරට විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ද ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සහ දැරුවා. 

එහෙත් එය අසාර්ථක වීමෙන් පසුවයි අද දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. 

විදෙස් වාර්තා සඳහන් කළේ දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට ජනතාව රැස්වී ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුකල බාධා නොතකමින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති බවයි.