Friday, February 28, 2025

General line - 0115112241

මීතොටමුල්ලදී ගිනි අවියක් සහිත සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට



මීතොටමුල්ල ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ජීව පතොරොම් 13ක් සමග සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින්. සැකකරු වැලිකන්ද, රුහුණුකෙත ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියෙකු බවයි පොලිසිය පැවසුවේ. 

ඔහු ගිනි අවි යොදාගෙන වෙනත් අපරාධ සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැල්ලම්පිටිය පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. 

ඒ අනුව ලද තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැලිකන්ද, රුහුණුකෙත ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක්, එම පතොරොම් ගැබක් සහ ටී 56 පතොරොම් 18 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.