Saturday, May 31, 2025

General line - 0115112241

විදුලි ගාස්තුවේ අඩු වීමත් සමග ජල ගාස්තුව අඩු කිරීම ගැනත් රජයේ අවධානය.



විදුලි ගාස්තු පහත දැමීම හේතුවෙන් ජල ගාස්තු සංශෝධනයක් සිදු කළ හැකිදැයි නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. 

එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ ජල ගාස්තු සංශෝධනයක් සිදු කළ හැකි දැයි හෙට දිනයේ අධ්‍යයනයක් සිදු කරන බවයි. 

ඒ අනුව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් සමගද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.