Friday, February 28, 2025

General line - 0115112241

අයවැයෙන් ජනතාවට සහන රැසක් ලැබෙන බව ආණ්ඩුවෙන් ප්‍රකාශයක්



ඉදිරි අයවැයේදී ජනතාවට සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. 

ඔහු පැවසුවේ මේ වන විටත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල රජය අඩු කර ඇති බවයි. 

ඉදිරියේදී විදුලි ගාස්තුව අඩු වීමේ සහනයද ජනතාවට ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


විදුලි ගාස්තුව සියයට 35කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාවක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ මහජන උපයෝගිතා කොමිසම ගත් තීරණයට බලපෑම් කිරීමට රජයට කිසිදු හැකියාවක් නොමැති බවයි. 


රජය විදුලිබිල අඩු කිරීමට නොහැකි බව පසුගියදා පැවසුවද මහජන උපයෝගිතා කොමිසම ජනතාව ගැන සිතා ගත් තීරණය සම්බන්ධයෙන් විපක්ෂයක් ලෙස සතුටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ විපක්ෂයද විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් රජයට දිගින් දිගටම බලපෑම් සිදු කළ බවයි.  


ඉදිරි මැතිවරණවලදී රජයට බලපෑමක් සිදු කිරීමට නම් විපක්ෂයේ සියලු දෙනා එක්ව නව සන්ධානයකින් තරඟ කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසනවා.  


එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සඳහා සිදු කරන සාකච්ඡා සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා.