ගත වූ දින කිහිපය තුළ සැලකිය යුතු මට්ටමකින් රිය අනතුරු සිදුවීම අඩු වී ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
ඔහු පැවසුවේ දිනකට සිදු වන මරණ සංඛ්‍යාවද 04ක් දක්වා පහත වැටී ඇති බවයි.
පසුගිය වසරේ රිය අනතුරුවලින් විශාල පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බැවින් මෙම වසර තුළ රිය අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් පොලීසිය විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන පරිපාලන මාර්ග අධ්‍යක්‍ෂක ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් සම්බන්ධයෙන් පැය 24 පුරාම අඛණ්ඩව පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.