Friday, February 28, 2025

General line - 0115112241

රජය කෘතගුණ දක්වන අයුරු ජනතාව විමසිල්ලෙන් සිටින බව මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියයි



මේ වන විට රටේ ජනතාව උග්‍ර ආර්ථික අර්බුදයකට මැදි වී සිටින බවත් බහුතර ජනවරමට රජයේ කුමන ආකාරයට කෘතගුණ දක්වයිද යන්න ජනතාව බොහොම විමසිල්ලෙන් බලාගෙන සිටින බවත් .පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

ඒ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද  පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් 

එහිදී  පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටියේ මෙවැන්නක් 

‘‘වර්තමාන රජයේ මංගල අයවැය තව දින කිහිපයකින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ නමුත් මේ වන විට රටේ ජනතාව උග්‍ර ආර්ථික අර්බුදයකට මැදි වී සිටිනවා.  තුනෙන් දෙකේ ජනවරමට රජයේ මොන ආකාරයට කෘතගුණ දක්වයිද කියලා ජනතාව බොහොම විමසිල්ලෙන් බලාගෙන සිටිනවා.  පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් රජයේ ජනතාවට ලබා දුන් පොරොන්දු එකින් එක ඉටු කිරීමට කටයුතු කරාවියැයි කියලා ඇතැම් පිරිස් තවමත් නොඉවසිල්ලෙන් බලාගෙන සිටිනවා. 

ඒ වගේම ආණ්ඩුවට තවම නොහැකි වෙලා තිබෙනවා ජනතාවගේ ගැටළු නිශ්චිතව හඳුනා ගැනීමට.  ආණ්ඩුව බලයට පත් වී මාස තුනක් යන විට රටේ සහල් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.  ඒ වගේම රට තුළ සහල් හිඟයක් ඇති වී තිබෙනවා.  ආණ්ඩුව බලයට පත්වන විට රුපියල් 180 ට තිබුණ සහල් කිලෝවක් මේ වන විට රුපියල් 270 ට 280 ට  ඇතැම් ස්ථානවල රුපියල් 300 ට පවා මිලකට සහල් මිලදී ගැනීමට ජනතාවට අද සිදුවෙලා තිබෙනවා. 

ඒ වගේම රජය බලයට පත්වන විට සහල් වලට මෙවැනි තත්ත්වයක් උදා වෙයි කියලා ජනතාව විශ්වාස කළේ නෑ.  ආනයනික සහල් ඉතා ඉක්මනින් රටට ගෙන්වන බව , සහල් වලට පාලන මිලක් ඇති කරන බව , හිගයකින් තොරව සහල් ලබාදෙන බව , සහල් ප්‍රශ්නය ඉක්මනින් විසඳන බව වෙළඳ ඇමතිවරයා පුන පුනා ප්‍රකාශ කළා.  නමුත් අද වන විට පාලන මිල විහිලුවක් බවට පත්වී තිබෙනවා. 

ඒ වගේම ආණ්ඩුවට ගොවි ජනතාව සඳහා පොහොර සහනාධාරය නිසියාකාරව බෙදාදීමට නොහැකි වී තිබෙනවා.   ඒ වගේම ගංවතුරෙන් හානි වූ ගොවි බිම් වලට පොරොන්දු වූ පරිදි වන්දි ලබාදීමට තවමත් ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ.   

ඒ වගේම පසුගිය සතියේ වරායේ බහළුම් නිෂ්කාශන අංශයේ  තදබදයක් හටගෙන තිබුණා. මේ ප්‍රශ්නය විසඳන්න තවමත් රජයට හැකියාවක් ලැබිලා නැහැ. මේ තත්ත්වය නිසා ප්‍රධාන පෙළේ නෞකා ගණනාවක් ආපසු හැරී ගොස් තිබෙනවා.  කෙසේ හෝ මේ තත්ත්වය කළමනාකරණය කර නොගතහොත් කොළඹ වරායේ මෙහෙයුම් වලට සිදුවන බලපෑම මත කොළඹ වරාය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් පහළට ඇද වැටීමේ අවදානමක් තිබෙනවා.  

ඒ වගේම ජනාධිපතිවරයා සහල් ප්‍රශ්නය විසඳීමට සහ වරාය තුළ ඇතිවී තිබෙන ප්‍රශ්නය විසඳීමට සාකච්ඡා පවත්වා තිබෙනවා.  නමුත් ඒ සඳහා නිසි විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයාට හෝ වර්තමාන රජයට හැකියාවක් ලැබිලා නැහැ. 

ජාතික ජන බලවේගය බලයට පැමිණියේ ටෙස් ක්‍රිකට් තරගයක් සෙල්ලම් කිරීමට බව ආණ්ඩුවේ ඇමතිවරයෙකු පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණා.  ඒ නිසා තෝරා බේරාගෙන සෙල්ලම් කරනන බව ඒ ඇමතිවරයා  ප්‍රකාශ කර තිබුණා. ටෙස්ට් ක්‍රිකට් තරගයක් නෙවෙයි ආණ්ඩුව පුහුණු ක්‍රිකට් තරගයක්වත් ක්‍රීඩා නොකරපු පිරිසක් තමයි අද ආණ්ඩුවේ සිටින්නේ. ඒ බව අද ජනතාවට හොඳින්ම වැටහී තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් ඉතා ඉක්මනින් දැවී යන ආකාරය අපිට පසුගිය දිනවල දකින්න ලැබුණා. ආණ්ඩුවේ ක්‍රියා කලාපය දෙස බැලූ විට ආණ්ඩුව සෙල්ලම් කරන ටෙස්ට් ක්‍රිකට් මැච් එක නියමිත දිනට කලින් අවසන් වේවිද කියන හැඟීම තමයි අද මහජනතාව තුළ ඇතිවෙලා තිබෙන්නේ. 

රටේ විසදිම සඳහා ප්‍රශ්න රැසක් තිබියදී වාහනවල අමතර උපාංග ගැලවීම තමයි ආණ්ඩුව දැවෙන ප්‍රශ්නයක් ලෙස දැක තිබුණේ. කෙසේ නමුත් පසුගිය මැතිවරණයේදී ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් ජාතික ජන බලවේගයට විශාල ශක්තියක් ලැබුණා.  රට අනුරට කියන ස්ටිකරය ත්‍රී රෝද රථවල අලවාගෙන තමයි බොහෝ ත්‍රී රෝද රථ රියදුරන් ඔවුන්ගේ රැකියාවේ නිරත වුණේ.  නමුත් පොලිසිය ත්‍රී රෝද රථවල අමතර උපාංග ඉවත් කරන්න ආරම්භ කරපු මොහොතේ ත්‍රී රෝද රථ රියදුරන් ඉතා ඕනෑකමින් ඉවත් කලේ රට අනුරට කියන ස්ටිකරයයි.  ආණ්ඩුව පිළිබඳව තිබෙන කලකිරීම ඔවුන් එයින් ප්‍රදර්ශනය කරන්න කටයුතු කළා. ආණ්ඩුව ප්‍රමුඛතාවය ලබාදිය යුතු කාරණාවලට වඩා අනවශ්‍ය කාරණා වලට අවධානය යොමු කරලා. දැවෙන ප්‍රශ්න යටපත් කිරීමේ උත්සාහයක නිරත වන බව ඉතා පැහැදිලිව දකින්න තිබෙනවා. 

ඒ වගේම හම්බන්තොට වරාය පිළිබඳව , කොළඹ වරාය නගරය පිළිබඳව විවේචන එල්ල කළ ජාතික ජන බලවේගය අද වන විට ඒම ව්‍යාපෘති පිළිගෙන ඒවා ක්‍රියාත්මක කරන්න ජාතික ජන බලවේග බලවේගය ආණ්ඩුවට සිදු වීතිබෙනවා. 

ඒ වගේම ආණ්ඩුව බලයට පත්වන විට රටේ සාමාන්‍ය ජනතාවට , මධ්‍යම පාන්තික ජනතාවට , රාජ්‍ය සේවකයන්ට , ස්වයං රැකියාවේ නිරත  පිරිසට බලාපොරොත්තුවක් ලබා දුන්නා කුඩා කාර් එකක් ගත හැකියි පරිසරයක් රට තුළ නිර්මාණය කරන බව.  මේ නිසා ලක්ෂ ගණන් මිනිස්සු ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන්නා.  අද වන විට ආණ්ඩුව ජනතාවගේ සිහින උදුරගෙන තිබෙනවා.  ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ කුඩා මෝටර් රථයක් මිලදී ගැනීම තවදුරටත් සිහිනයක් බව ජනතාව අද වන විට තේරුම් ගෙන තිබෙනවා.  

ඒ වගේම ජාතික ජන බලවේගය කටින් ආණ්ඩු කරන ආකාරය පිළිබඳව ප්‍රකාශ කළත් ආණ්ඩුවක් කරගෙන යාම පහසු කාර්යයක් නොවන බව අද රජයේ ක්‍රියාකලාපය දෙස බලන විට කාටත් හොඳින්ම වැටහෙනවා. ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවලදී ජනතාවට ලබා දෙනවා යැයි පොරොන්දු වූ දේවල් අද වන විට ජනතාවට ලබාදීමට නොහැකිව ජාතික ජන බලවේග ආණ්ඩුව බරපතල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. රටේ දැවෙන ප්‍රශ්න යටපත් කිරීමට ආණ්ඩුව කොතරම් උත්සාහ කළත් ජනතාවට ඒ ප්‍රශ්න අද වන විට බරපතළ ලෙස බලපා තිබෙනවා.  ඉතිහාසයේ කවරදාකවත් නොමැති ආකාරයට සහල් කිලෝවක මිල  , පොල් ගෙඩියක මිල , පොල්තෙල් බෝතලයක මිල ඉහළ ගොස් තිබෙනවා.  ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට කොළඹවරායේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් කොළඹ වරායට නෞකා නොපැමිණෙන තත්ත්වයක් උදාවී තිබෙනවා.  කොවිඩ් වසංගතය කාලයේදීවත් කොළඹ වරායේ කටයුතු අකාර්යක්ෂම ලෙස සිදු වුණේ නැහැ.  කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. 

ඒ වගේම මේ වන විට වී අස්වැන්න ලබා ගැනීමට නියමිතව තිබෙනවා.  නමුත් තවම නිසි ආකාරයට පොහොර සහනාධාරය ලබාදීමට ආණ්ඩුවට හැකියාව ලැබිලා නැහැ.  ඒවගේම වී සඳහා සහතික මිලක් නියම කර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබිලා නැහැ.   ඒ වගේම පාසල් උපකරණවල වැට් බද්ද ඉවත් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් එය ඉවත් කර ගැනීමට ආණ්ඩුවට තවම හැකියාව ලැබිලා නැහැ.  පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබියදීත් , ජනාධිපතිවරයා බලයට පත් වී මාස තුනකට අධික කාලයක් ගතවී ගොස් තිබියදීත් ,  ආණ්ඩුවට රට තුළ තිබෙන දැවෙන ප්‍රශ්න විසඳීමට නොහැකි වී තිබෙනවා. 

ඒ වගේම  ආණ්ඩුවව ත්‍රී රෝද රථ හිමියන්ට සහ බස් රථ හිමියන්ට දක්වපු එඩිතරභාවය සහල් මෝල් හිමියන්ට දක්වන්න හැකියාවක් ජනතාවට අද පාලන මිලට සහල් ගැනීමට හැකියාව තිබෙනවා.   මහා පරිමාණ මෝල් හිමියන් දණගස්වා.  වී මාෆියාව රට තුළ නැති කරලා.  ජනතාවට සහල් ලබාදෙන ආකාරය ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවලදී දිගින් දිගටම ප්‍රකාශ කළා.  නමුත් අද වන විට සහල් මාෆියාව එලෙසම තිබියදී සහල් හිඟවී තිබෙනවා.  ඒ වගේම මහා පරිමාණ වීමෝල් හිමියන් ඉදිරියේ රජය ධන ගහපුආකාරය ඉතා පැහැදිලිව අපිට දකින්න ලැබෙනවා.   පාලන මිල ජවනිකාව මීට පෙරත් කරළියට පැමිණි මාතෘකාවක්.  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදීත් පාලන මිල පනවන්න කටයුතු කළා.  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාලන මිල නියම කරමින් දිගින් දිගටම ගැසට් නිවේදන නිකුත් කරන්න පටන් ගත්තා.  නමුත් ඒ ගැසට් ඉතා ඉක්මනින් රිවස් කර ගන්නා ආකාරයත් දකින්න ලැබුණා.  ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහල් තොග කඩවලට ගොස් සහල් ප්‍රශ්නය විසඳන්න කටයුතු කළ ආකාරය අපිට දකින්න ලැබුණා.  නමුත් අද වගේම එදත් පාලන මිල විහිළුවක් බවට පත්වුණා.  අද පාලන මිල ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ.  ඒවා සම්පූර්ණයෙන්ම විහිළුවක් බවට පත් වී තිබෙනවා.  ආණ්ඩුව මේ රඟ දක්වන්නේ එකම පිටපතයි. නමුත් නළුවෝ වෙනස් වී තිබෙනවා.   

ඒ වගේම මැතිවරණ වේදිකාවේදී ජාතික ජන බලවේගය රටේ ප්‍රශ්න පැය විසි හතරෙන් විසඳන බව ප්‍රකාශ කළා.  එක පෑන් පහරින් ප්‍රශ්න විසදන ආකාරය ප්‍රකාශ කළා.  නමුත් අද වන විට ඒ කිසිවක් යථාර්ථයක් බවට පත්වී නැහැ.  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පනවා තිබෙන වැට් බද්ධ ඉවත් කරන බව ආණ්ඩු ප්‍රකාශ කළත් තවම ඒ සිදුවී නැහැ.  ඒවගේම පාසල් උපකරණ සඳහා අයකර කරන වැට් බද්ද ඉවත් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් එය තවම සිදුවී නැහැ.  ඒවගේම එදා තෙල්වල මිල ඉහළ ගියේ ඇමතිවරයා ලබාගත් කොමිස් මුදල නිසා , අසාධාරණ බදු සූත්‍ර නිසා බව ජාතික ජන බලවේගයේ ප්‍රකාශ කළා. නමුත් ඒවාට විසඳුම් ලබා දී තෙල් මිල අඩු කිරීමට ජාතික ජන බලවේගය රජය අපොහොසත් වී තිබෙනවා.  ඒ වගේම ගුරුවරුන්ගේ වැටුප වැඩි කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් තවම ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.  ඒවගේම රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඉතා ලෙහෙසියෙන් උපයා ගත හැකි ආකාරයට තමයි ජාතික ජනබලවේගය කතා කලේ.  විදෙස් රටවල සිටින පිරිස් ලංකාවට ඩොලර් එවන බව ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා.  ඒ හරහා රටේ භාණ්ඩාගාරයේ ශක්තිමත් වන ආකාරයත් ඔවුන් ප්‍රකාශ කළා.  නමුත් ඒ ප්‍රකාශ කළ දේවල් යථාර්ථයක් බවට පත්කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. 

ඒ වගේම චීන රජය විසින් ලංකාවේ ආරම්භ කළ ව්‍යාපෘති දැඩි ලෙස විවේචනය කිරීමට ජාතික ජන බලවේගය කටයුතුකළා.  නමුත් අද වන විට ඒවා පිළිගැනීමට ජාතික ජනබලවේග ආණ්ඩුවට සිදු වී තිබෙනවා. ඒවගේම එදා ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජනබලවේගය බවට පත්වුණා වගේ.  ඉදිරියේදී  ජනතා විමුක්ති පෙරමුණ ජනතාව විකෘති පෙරමුණ බවට පත්වෙයිද කියන සැකය අපට තිබෙනවා.  ආණ්ඩුව බොරු කීමට තිබෙන අයිතිය භාවිතා කරලා ඉදිරියේදී තව මොනවා කියයිද කියන සැකය අපි තුළ තිබෙනවා.  ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවලදී බොරුව ජනප්‍රිය දෙයක් ලෙස ප්‍රචාරය කළත් ආණ්ඩු බලය ලබා ගත් පසු එම බොරුව දිගින් දිගටම පවත්වාගෙන යාමට නොහැකි බව පෙනෙන්නට තිබෙනවා. 

ඒ වගේම ජනාධිපතිවරයා බලය ලබා ගැනීමට පෙර ප්‍රකාශ කළේ සියයට තිස් එකකින් විදුලි බිල අඩු කරන බවයි.  විදුලි බිලට සහනයක් ලබාදීමට වහාම කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඇත්තටම ජනතාවට විදුලි බිලේ සහනය ලබාදීමට ආණ්ඩුවට තිබුණේ ඔක්තෝබර් පළමුවෙනිදා.  නමුත් ආණ්ඩුව එම පියවර ගැනීමට විශාල කාලයක් ලබා ගත්තා.  ඉක්මනින් විදුලිබිල අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කළේ නැහැ.  ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ විදුලි බිල අඩු කරලා ජනතාවට සහනයක් ලබා දෙන්න.  දින කිහිපයකට පෙර විෂය භාර ඇමතිවරයා ප්‍රකාශ කළා වසර තුනක් පමණ යනතුරු විදුලිබිල සංශෝධනය කිරීමට හැකියාවක් නොමැති බව.  නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන් විදුලි බිල සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමසිදුකළා.  ඒ අවස්ථාවේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නියෝජනය කරන පිරිසක් , රටේ සිවිල් සංවිධාන වල පුද්ගලයන් , රටේ සාමාන්‍ය ජනතාව , මහජන නියෝජිතයන් ගොස් විදුලි බිල අඩුකිරීම හැකි ආකාරය පිළිබඳව අදහස් ලබා දුන්නා.  එහි ප්‍රතිඵලයක් ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් රජයට නිර්දේශ කලා සියයට විස්සකින් විදුලි බිල අඩුකළ යුතු බව.  ඒ වගේම එය ක්‍රියාත්මක කරන්න ලංකා විදුලිබල මණ්ඩලය බැඳී සිටිනවා.  ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ අවශ්‍ය බව රජය පාර්ශවයෙන් ඒ අවස්ථාවේ ප්‍රකාශ කර තිබුණා.  කෙසේ නමුත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව මහජනතාවගේ හඬට සවන් දී විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමට කටයුතු කර තිබුණා. කෙසේ නමුත් රජයට අකමැත්තෙන් හෝ විදුලි බිල සියයට විස්සකින් අඩු කිරීමට සිදු වීතිබෙනවා.  

විදුලි බිල අඩුවීමේදි එය අනෙකුත් භාණ්ඩ හා සේවාවන් වලට බලපාන ආකාරය පිළිබඳව අධ්‍යයනය කොට ඒ සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට රජය මැදිහත් වන්නෙයි අපි ඉල්ලා සිටිනවා.  ජනතාව වෙනුවෙන් සහන ලබා දෙනවා වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත්වී රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව තමයි රජය නිරන්තරයෙන් කල්පනා කරන්නේ.   ඔක්තෝබර් මාසයේ අඩු කිරීමට නියමිත වී තිබූ විදුලි බිල මේ දක්වා අඩු නොකළේ රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහායි.  

ඒ වගේම ආණ්ඩුව පත්වුණ වහාම විදුලි බිල අඩු කරන බව තමයි ජාතික ජන බලවේගය  එදා ප්‍රකාශ කලේ.  ජනතාව බලාපොරොත්තුවෙන් සිටියා ඔක්තෝබර් පළමුවැනිදා විදුලි බිලට සහනයක් ලැබේවි යැයි කියා.  විදුලි සංශෝධනය සිදුවිය යුතුව තිබුණේ ඔක්තෝබර් පළමු වැනිදා.  නමුත් ආණ්ඩුව ඒ ඕනෑකමින්ම කල්මරමින් ඒ සහනය ජනතාවට නොදී විදුලි බිල වැඩි කිරීමට උපක්‍රම යෙදීමට තමයි කටයුතු කළේ.  නමුත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව මහජන ඉල්ලීම් වලට සවන් දී විදුලි බිල අඩු කිරීම සම්බන්ධව නිර්දේශ ලබාදීම හේතුවෙන් අකමැත්තෙන් හෝ ආණ්ඩුවට විදුලි බිල අඩු කිරීමට සිදුවුණා.  

ඒ වගේම සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව රැස්වූූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කරන්න තීන්දුවක් ලබාගෙන තිබෙනවා.  ඒ වගේම අනෙකුත් පක්ෂ සමගත්  සාකච්ඡා කිරීමට කළමනාකරණ කමිටුවේදී තීරණය කරනු ලැබුවා.  එය සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් අනුමත කරනු ලැබුවා.  ඒ අනුව සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සාකච්ඡා ආරම්භ කරන්න කමිටුවක් පත් කර තිබෙනවා.  ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ හෙට දිනයේදී සාකච්ඡා ආරම්භ කරන්න නියමිතව තිබෙනවා.  ඒ වගේම අනෙකුත් පාර්ශ්ව සමගත් සාකච්ඡා ආරම්භ කරන්න ඉදිරියේදී කටයුතු කරනවා.‘