අද සිට ඇමෙරිකාව තුළ ටික්ටොක් යෙදවුම තහනම් කර තිබෙනවා.
ඒ යෙදවුමට අදාළ තහනම ඉවත් කිරීමට ඉදිරිපත් කළ අභියාචනය ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීමත් සමගයි
ටික්ටොක් හි චීන හිමිකරුට එරෙහිව කොංග්‍රසය සම්මත කළ නීතිය භාෂණ නිදහසේ අයිතිවාසිකම් කඩ නොකළ බවට ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරු තීරණය කිරීමෙන් අනතුරුව තහනම් කිරීමට පියවර ගෙන තිබුනා
කෙසේ නමුත් යෙදවුම තහනම් කිරීමට පැය කිහිපයකට පෙර අදාළ සමාගම විසින් මෙම ටික්ටොක් යෙදවුම අක්‍රිය කිරීමට පියවර ගෙන තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
චීනයට අයත් සමාජ මාධ්‍ය යෙදුම අක්‍රිය වීමට පෙර එක්සත් ජනපද පරිශීලකයින්ට සුබ පැතුවේ "TikTok තහනම් කිරීමේ නීතියක් පනවා ඇත" යන පණිවිඩයකිනි.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් Apple සහ Google වෙත මෙම සේවාව යෙදුම් ගබඩාවලින් ඉවත් කරන ලෙස නියෝග කර ඇති අතර , TikTok හි සහෝදර යෙදුම, Lemon8, ක්‍රියා කිරීම නවත්වා තිබෙනවා
TikTok සහ Lemon8 යන දෙකම චීන අන්තර්ජාල දැවැන්තයෙකු වන ByteDance සතු වනවා
කෙසේ වුවද තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට දිනයේදී දිවුරුම් දීමෙන් අනතුරුව ටික්ටොක් සමාගමට දින 90ක සහන කාලයක් ලබා දෙනු ඇති බවටද වාර්තා පළවනවා.