පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට දිනයේ නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබෙනවා.
පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ අනුමැතිය මත එම තිරණය ගත් බවයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.ආර්. හසන්ති මහත්මිය පැවසුවේ.
මෙම දිනවල නැගෙනහිර පළාතේ පාසල්වල වාර විභාග කටයුතු පැවැත්වෙන අතර හෙට දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් ලබන 25 වනදා පැවැත්වීමට විධි විධාන යොදන ලෙස සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දුන් බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළේ.