මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ලබාදුන් වාර්තාවට අනුව රජය විසින් විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විදුලිබල මණ්ඩලයේ නිලධාරින් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
සම්පූර් ප්‍රදේශයේ විදුලි බලාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඉන්දියානු සමාගමක් සමඟ මේ වන විටත් සාකච්ඡා කර ඇති බවත් ඒ සඳහා ඉදිරියේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.