Friday, February 28, 2025

General line - 0115112241

අද පස්වරුවේත් තද වැසි - දිස්ත්‍රික්ක හතරකට තවදුටත් බලපෑම්



උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව පැවසුවේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි. 

පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා. 


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.     

ඒ අනුව අනුරාධපුර, කිලිනොච්චිය, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.


මේ අතර ප්‍රධාන ජලාශ 73න් ජලාශ 58කම වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මධ්‍යම පරිමාණයේ ජලාශ 46කට අධික ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවයි. 

එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග අධ්‍යක්‍ෂක, ජල කළමනාකරු ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා පැවසුවේ.