රට තුළ යළි ආර්ථික අර්බුදයක් ඇති නොවීමට වගබලා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම වර්තමාන රජයේ වගකීම බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
නිලධාරින් නිවැරදි දත්ත ලබා නොදීම ද රට තුළ ඇති වූ සහල් හිඟයට හේතු වූ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
පෞද්ගලික අංශයේ සහල් මාෆියාව ස්ථිර වශයෙන්ම බිඳ දමන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.