මොරටුව පොලිස් ස්ථානය ඉදිරිපිටදී ඊයේ රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ, පුද්ගලයන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්.
කෙසේවෙතත් පොලිසිය පැවසුවේ මොරටුව දේවස්ථානයක පැවති උත්සවයක් හේතුවෙන් රථ වාහන රාජකාරි කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීම හේතුවෙන් ඔවුන් එලෙස අත්අඩංගුවට ගත් බවයි.
පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරින් දෙදෙනා පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.