Thursday, February 27, 2025

General line - 0115112241

පාතාලය ඉවර කරන මෙහෙයුම ජනපති පහදයි



පාතාල සහ අපරාධ රාජ්‍යයකට රට තුළ යළි ඉඩක් නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ඒ වෙනුවෙන් කටයුතු කරන පොලිස් නිලධාරින්ට ඉදිරියේදී උසස්වීම්ද ලබාදෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.


හමුදාව සතු ගිනි අවි භාවිත කර පාතාලයේ කොන්ත්‍රාත් ඉටු කරන හමුදා සාමාජිකයින් 13 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද ජනාධිපතිවරයා පැවසුවා.


හොරණ, පොකුණවිට ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.