නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වාහන රට තුළට ගෙන ඒම වැළැක්වීම සඳහා මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ වාහන ආනයනය කෙරෙන ජපානය සහ ඩුබායි සිට පැමිණෙන බහාලුම් සඳහා විශේෂ අවධානය යොමු කර ඇති බවයි.
වාහන නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙනවිත් තිබුණහොත් ඒවා රාජ සන්තක කිරීමට පියවර ගන්නා බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.