පැවති අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන වැව් 53ක් සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් 60කට අධික ප්‍රමාණයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් නවයෙන් අටක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් දහයම වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ලහිරුණී ජයතිලක පැවසුවේ.
වාන් ජලය නිකුත් කෙරෙන ජලාශ්‍ර ආශ්‍රිත පහත් බිම්වල ජනතාව තවදුරටත් අවදානයෙන් කටයුතු කළ යුතු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ලහිරුණී ජයතිලක වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර පැවති අධික වර්ෂාව හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.