Thursday, February 27, 2025

General line - 0115112241

රතු ලේබල් සහිත බහාලුම් එළියට ගියේ කොහොමද?



වරායේ හටගෙන ඇති බහාලුම් තදබදය අතරතුර රතු ලේබල් සහිත බහාලුම් 200කට වැඩි ප්‍රමාණයක් නිදහස් කර ඇතැයි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණා. 

මෙවැනි සිද්ධියක් සිදු වූයේ කුමන බලපෑමක් මතදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මෙහිදී විමසා සිටියා. 

ඊට ප්‍රතිචාර දැක්වූ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එහිදී පැවසුවේ කිසිවෙකුගේ අතපෙවීමකින් තොරව රාජ්‍ය ආයතනවල කටයුතු සිදු වන බවයි.

මෙරට වන අලි ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැඟූ ප්‍රශ්නයකට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.