Thursday, February 27, 2025

General line - 0115112241

පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි කිරීමේ තීරණය අද



පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ අදාළ යෝජනාවට අද දිනයේ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් පසුවන බවයි. 

ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි එල්ල කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින්. 

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණු කිසිවක් මේ දක්වා නිසි පරිදි ඉටු වී නොමැති බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මෙහිදී චෝදනා කළේ. 

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයාට වඩා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සාර්ථක බවයි. 

වරායේ බහාලුම් තොගයක් පරික්ෂාවකින් තොරව මුදා හැරීම රටට හානියක් විය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙහිදී පැවසුවේ. 

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය, මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේ ගැටලුවක් වෙතොත් අදාළ බහාලුම් පරික්‍ෂා කිරීමට වුවද සූදානම් බවයි.  

මේ අතර ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලාමේන්තුවේදී පැවසුවේ තමන් යටතේ ඇති ඉඩම් මොනවාදැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පවා නොදන්නා බවයි. 

පාර්ලිමේන්තුව අදත් රැස් වීමට නියමිතයි. 

එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.