Thursday, February 27, 2025

General line - 0115112241

අතහැර දැමූ ගොඩනැගිල්ලක් තුළින් ගිනි අවියක් සහ ජීව උණ්ඩ සොයා ගැනේ



මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා ජීව උණ්ඩ සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා. 

ඒ, රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවෙකුගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත සිදු කළ මෙහෙයුමකදීයි. 

ඉකුත් 16 වන දින වැලිකන්ද, රුහුණුකෙත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා.

නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව ටී56 ගිනි අවියක්, එම පතරොම් ගැබක් හා එම ජීව පතරොම් 18ක් සන්තකයේ තබා ගැනීම හා ටී 56 වර්ගයේ ගිනි අවියක් රුපියල් ලක්ෂ 02ක මුදලකට පුද්ගලයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් ඔහු එලෙස අත්අඩංගුවට ගැණුනා. 

ඒ අනුව සැකකරුගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත ඔහුගේ නිවස ආසන්නයේ අත්හැරදැමූ ගොඩනැගිල්ලක් තුළ තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ටී 56 වර්ගයේ පතරොම් ගැබක්, ටී 56 ජීව උණ්ඩ 220ක් හා වෙනත් ජීව උණ්ඩ 02ක් නිලධාරීන් විසින් සොයා ගත් බවයි කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.