ආයුධයකින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාලච්චේන පොලිසිය පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ වාලච්චේන, බිරන්දරච්චේන ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු බවයි පොලීසිය පවසන්නේ. තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එලෙස මියගොස් තිබෙනවා.
ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 43ක පුද්ගලයෙක්. මියගිය පුද්ගලයා සහ සිය සහෝදරයා අතර පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරු මේ වන විට එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.